Monday, May 21, 2012


... ජීවිතය....


සියලු සබඳකම් අත්හිටුවා
යළි නම් කතා නොකරනට
සිතා සිටි අයටද,
සිදු වනවා ඇත
වෙනදාටත් කලින් අවදිව
තේ හදා දෙන්නට...

ඉරි තලන නියඟයක 
දැවෙතැයි සිතුවද
ටික දිනක් හෝ රුදු ගිනිහුල්ව,
තෙමෙන්නට සිදු වනවා ඇත
වෙනදාටත් වඩා
හවසට හමු වෙන්නම් කියන 
හාදු වැස්සකට.....

මාවත අද්දරම සිට
බලා සිටින්නට වෙනවා ඇත
නොපෙනී යන තුරාම
වෙනදාටත් වඩා
දෙඅත සලමින....

පැතුම් පතන්නටද
සිදු වනවා ඇත
කවරදාටත් වඩා
හැකි ඉක්මනටම 
හවස් වන්නේ නම් කියන...



Friday, May 18, 2012




පෙම්වත,
එවනවා නම් රිසියෙමි
ඒ පෙම්පත නැවත,
කියවන්නටම නොව
විඳිනටය
ඒ හුරු පුරුදු සුවඳ
නැවතත්


Wednesday, May 16, 2012




ආවෙමි
යළි අසන්නට
වසර ගණනකට පෙර
ඔබෙ මියුරු හඬ
ඔහු නිසා පැරදවුනු

දන්නවද ඇල්ල නුඹ
නැංවුවද මහා හඬ
එදා ඔහු
මගේ නම ගැයූ හඬ
පැරදවිය
නොහැකි බව තව....






හිමියනි මොහොතකට 
නිදහස්  වෙන්නට කළ ඇරයුමට....


කියූ පරිදිම ඔබ සැමවිට
පේවන්න ඔබටම
මෙතෙක් කල්
අතින් කටින් එල්ලා ගත් දෑ
බිම හෙළන ලදින් මා,
ඔබම පටවන ලද

හැකි වෙයිද දැන් ඔබට
බිම දමා අතැර එන්නට
උසුලගෙන සිටින ඔබ,
ගෙදර නොවන දෑ
සියල්ලද පෙර ලෙස.....





මිය ගියද කිහිප විට
රිදෙන්නේ ඇයි
නැවත නැවතම
මියෙන විට,

කිසි දිනක
මිය නොගිය විලසට.....



එක දෙකක්වත් නොතියා
අතුරුදන් කර ඇත
ගණනය කළ නොහැකි තරමට
සැරසැරූ හැඟුම් මා වට


වසා ගත් දෑස විවර කරනට,
සැහැල්ලු පියාපත්
මොහොතකට ලං කරනට
වෙහෙසෙන ඔබ,
දැන සිටියාද විය හැක
සෙලවිය නොහැකි බව කිසිවිට
රිසි  නොරිසි
සංඥා සියල් විසන්ධිව
අඳුරු ලොවකට
ගිලා බැස ඇති විට.....






දොරක් විමි මා
සෑහෙන්න නුඹ සිත
සැනින්  විවිධ හැඩ ගෙන,
හැම දොරම අගුලුලා
යතුර නුඹ ගත් සැටි

විවර කරගෙන
යත හැකි ලෙස,
දැමුවද විටෙකයතුර මට පෙනෙන ලෙස
නික්මී පාවෙන්න සැහැල්ලුවෙ
සිත හදාගත නොහැකි  හැටි

සැනෙකින් ඈත රැදි සිහිලද
යතුරද
බොදව ගිය හැටි.....


අනෝරා වැස්සට තෙමුන වුව
සීරුමක් කිසිදු නොපෙන්වන
වතුසුදු මල,

දියබත් වුවද
නොසෑහෙන තරමට
සිප නොගත්තාය පාවී ගොසින්
පොළොව කිසි විට

එද තවම දුටු විගස
මහ වැස්සක නිමිති එක දෙක,
මැලව යන්නීය
කැකුලක් බදුව
විගස තැති ගෙන....


රුදු සුළඟ
කුසුම බිඳිනටම
වෙහෙසෙන,
තුරු මුදුනින්

හිමි වු ඉඩ
අවකාශයට හිමි කර
බිදී වැටෙමිද
නොවැටෙමිද..

වෙරගෙන
කුසුම නොබිඳී
ඉන්නටම....



අප වෙන්වීම පතන ඔබට....

වසර ගණනක සිට
පටලගත් ලෙසම
මා අයදින්න දෙනු වෙනුවට
ඔබ පසිඳගත් විසදුම
හද පෙළන තව දුරට

සදහටම අපෙ සමුගැන්ම
වන දිනක එය වනු නියත

සොරා ගන්නට බිඳක් තව
ඔබ අමතක කළ 
මට හුරු
ඔබේ සෙනෙහස ඇවසිතාවය 
ඉඟි කළෙමි මාද වරින් වර
එවැනි විසදුම් බොරුවට

දුරස්ව යාම පවසන ලෙසට ඔබ
මග බලා සිටුම රිසි නැත
අප විතර ආදරය කළ
දෙදෙනෙක් තව නැතිම බව
පවසන බැවිනි සිත නිතර
අත නොහැරියේ කිසිවිට නුඹව
ප්‍රිය පියඹ වන්ට සැම විට

 කාලය නැමැති හිරු රජිද
උරා වියළි කළ නුඹ සෙනෙහස් දෝනාව
මෙතරම්ම වියළි බව
දැනගතිමි අද සොවින්  වුව.....


බැතිමතිය ප්‍රලයව
අවසර පතා තේවාවට
භක්තියෙන් ඉහවහ ගිය,
දොවොල අභියස
වඩිනතුරු දෙවිතෙම....

ගිනිකූරු මෙන්
දැල්වී නිමාව
ඵල දැරිය යුතු නිසාම
මොහොතකට
ලංවීමට සිදුවූ
අහඹුවකි අප...


*නිතර කොනක සිටින භාණ්ඩයක්....

පලුදු වූ භාණ්ඩ අතර
කොනක සිටිමි
අට්ටාලය හිස්වන විට
පෙනී සිට හිනැහෙමි
නිතර පිරී ඇති බව
පෙන්නුම් කරමි
පලුදු නැති භාණ්ඩ
ඉගිල ගියමුත්
මිය ඇදෙන තුරු
ඔබ දමා නොමයමි....

* ගස වැලට‍‍ පවසන....

නර්තනයෙ යෙදෙන විට
හාදු දී පවනට
නුඹ හිතුමතය
මා අමතකය විගසම,
අප වැළද සිටි සෙනෙහෙද..

නොසිතන්නෙ කිම
සිටිය යුතු වග
දැවටෙන විටෙක සුළඟ පැන
මායිම් නොකර මවෙතම
නොසැලී පෙරදි සිටි විලසම

නොසෙල්වෙමි,
මේ නැලවෙන හැඩය නොව
සුළඟ නුඹ මා කළඹවන තරමය ...