Sunday, January 29, 2012

නො රිසියෙමි 
ඔහු නිසා වැගිරුන
ඔහු ඇස ගැටෙන්නට
මා හෙළූ කදුළු කැට
ඔබ අහුල ගත් එකට...

මම කැමති විඳීමට
එම කදුළු තැවරෙනු 
ඔහු හද තුළ
හෝ ඇඟිලි තුඩ
එවිට මට දැනෙන හැඟීමට...


puddle 

Friday, January 20, 2012



ගාඩ්නියා මල් පිපෙන
සුදු පාට ගේ සහිත
උඳුපියලි තණ පලස
නිතර අප නෙත් ගැටුනු
යලි දකින්නට ලොල්ව
බල බලා පසු කරපු

'කවදාක හරි දිනෙක
අපි හදමු මේ ලෙසම
අප නිවස'

පුංචි දුව හඬ නගයි
අත අදියි
අවනතය මම ඇයට
ඇගේ මුදු උණුසුමට
නොදුටු සේ පෙරට යමි
එදා මෙන් පිස්සුවෙන්
ඉඩක් නැත රැඳෙන්නට...




නුඹ වැස්ස

නුඹ වැස්ස
කම් නැත
ඔතරම්ම තදින්
වැටුනාට
මෙතෙක් කල් 

රිදුනි මට
දැන් මා නටුව අග බව දැන 
තවම වේගය
අඩු නොවන එක ගැන...

Sunday, January 8, 2012

පුංචි කුහුඹුවො,
පාවී යන්න එගොඩහට
නොපිටට පෙරලුනු
මල් පෙත්තට

නැග සිටින,

අත ලඟම උන්න මල් පෙත්තට
නොනැග්ගෙ
පෙරලුනු නිසා නොපිටට,
අහක බැලුවේද
ගස්සලයි ඉතින් ඒ දෙසට,
මෙතෙක් කල්,

හසු වුවද සැඩ පහරකට

නොදැනේද
එගොඩ විය හැකි එකම මග
පෙරලුනු පැත්තට වුව
නැග ගැන්ම වග,
පිසලාගන්ට හැකි නොවැ පසුව
කාටවත් නොපෙනෙන්න
නෙත් තෙමන ඔය කදුලු කැට...

Monday, January 2, 2012

photo-manipulation-28 


පෙම්වතාණෙනි

 ඔබ නැගි උස,
මටද හිමි බවට 
උදම් වූවෙම්ද කුමට,
දුර ඈත දිනයක
සපථ කර කියන ලද වුවද
ඔබ ජය උරුම යැයි මටද...

ඔබ වදන නොගැඹුර
වටහා ගැන්මටද,
කියූවේ එයම දැයි
තව දුරට සිතන්නටද
ඉඩ දිය යුතුව තිබුණි 
මා මට...

එය එසේ වී නම්
තෙමෙන්නට ගොස්
ජයග්‍රාහී උදම් රළකට
ගොඩ ගසා වෙරළට
තනිව ඉකිබිඳීමක්
තිබිණි සිදු නොවන්නට....

මා සිටින තැනම සිට
අත් පොලසන් දී
හදපිරි සතුට පමණක්
පළ කළ හැකිව තිබුණි මට....



ගෙඹි රජිදාන
ඉතින් පනින්ට හැක අපට
කරගෙන ආව විලසට

ටික කලක් 
ගෙවුනා තමයි එක විදිහකට,
වටහා ගන්ට අසීරුව
අමුතුම පැනීම නුඹෙ
එකවරම සිදු වූ විට

නුඹ දන්නෙ නෑ මං දැන්
කොයි තරම් නම් හඳුනන්නෙකු
වී ඇති දැයි වග
කාලය අතරතුර

හමුවුනොත් 
අප දෙදෙනාගෙන්
කුමරියක් නුඹට පළමුව,
ඒ ගැනත් දැඩි තරඟයක්
හිතන්නේ නැතිය 
ගෙම්බො දැන් මම



ලංව සිටියද එකට

හුඟක් දේ වන ලෙසම
අපට අප අහිමි වන දින 
කවදාක හෝ එන

සරන්නට තව තව
ඇවැසි වුව අත් පටලගෙන
සිදු වෙන දිනක් එනු ඇත
අතෑරුණු දෑත ගිලිහී
ලය මතම සදා රැඳවෙන ...



හැදෑරීමෙන්
තොරවම
නරඹන්නන්,
රඟන්නන්ට වඩා 
රඟන...

2011-nature-pics-26


ගස මුල
රැකුමට
දරා ගත්තා මිසක
තද වැසි,
හැකි කමකට 
නොව...

2011-nature-pics-27


මා වෙතට හද පුරා
ලියැලි ඒ ආදරය
පෙරා සිසිලස දෙන්න
වදන් ගෙන අනලස්ව
පීරමින් මුලු බසම
ඇවැසි නැතිවත් එකල

කාලයක් ගතව දැන්
ඔබ වෙහෙස මා අරන්
සැලකුම් සියල් මගෙන්
පැය ගණන් මදිය දැන්
ඔබ සතුට පතමි මං

කොහෙද ඒ කොයි අතද

වෙහෙස වී ඔබ එදා
භාෂාව පෙරළලා
සොයාගත් ඒ වදන්
සිසිල පුරවා ගෙනා
ගත දැරිය හැකි වුනත්
සිත එදා වාගෙමයි
ඩිංගටත් වෙහෙස වෙයි
ඔය අතේ සුව සමග
ඇවැසි මට එය අදයි
මම එදා සොඳුරමයි



ඕනමය පුංචි තරු
සරසන්න කළු අහස
  හිටක ඇවිත් යන
සරාස  නැති විටක



හැඩව නිම කර ඇති
ඔරුවට
තනිව හැඩට
ගමන යා නොහැකි

දිරාගිය
ලී දඩු එකතු කර
ගැට ගසාගත්
කොල්ලෑව නොමැති

 


එකවර 
දකින්නට නොවන
වැස්සට සහ
මීදුමට
ඇති කැමැත්ත මත
අතරමංව....



සිත සන්සුන්ව
තබා ගැන්මට
ඇවිදිමි
කඹයක් මත 
දැඩි අධිෂ්ඨානයෙන්


සොඳුරු සිහිනෙක වෙළී
සමනළුන් පියාඹන
සතුටු සිතුවිලි දරා
ගෙවී ගිය තනි මගේ
ඔබම දිගු කළ සුරතෙ
වෙළී එන්නට එදා
මම බැහැයි කිව්ව නම්

පිපුණු මල නෙලාගෙන
ගන්න තුරුලට ඔබේ
වියරු කළ සෙනෙහෙ සිත
තව තවත් අවුලුවා
මාව මාගෙන් මුදා
යන්න තුරුලට ඔබේ
මම බැහැයි කිව්ව නම්

කාලයක් ගත වෙලා
ඔබට ගැලපෙතැයි සිතු
ලබා ගත යුතුය සිතු
මල් වගේ සුර ලඳුන්
ලබා ඔබ සැනසේවි
මා දුකක් නොවිඳීවි
මම බැහැයි කිව්ව නම්

 දුක ඔතා එවු ගලම
නිල් මැණික් ඔබ්බවා
මා නැවත එවූ සඳ
දෝතටම තුටින් ගෙන
දිස්නයද ඔබම ගෙන
දිදුලේද ඔබ දිවිය
මම බැහැයි කිව්ව නම්





මොන දුකද 
අප දරන්නෙ
සයුරක දුක්
තරණයේදී..